ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා

by | Sep 12, 2019 | Life

ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා

ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා… ඩ්‍රයිවර් අයියට නිවාඩු ඕන කීවා. ඉතිං දවස් කිහිපයක් වැස්සත් නතරවෙනකම් ගෙදර ඉඳගෙන වැඩ ටික කරනවා. ලබන සඳුදා, අඟහරුවාදා වගේ තමයි ආයේ ෆීල්ඩ් එකේ යන්නේ…

හෙට දවසෙන් වැඩි හරියක් නිදාගන්න හිතුවා. ආයේ දවසක් දෙකක් යනකන් මගේ පෝස්ට් දාන්නේ නැහැ. කැමරාව පැත්තකින් තියලා නිදහසේ ඉන්නවා…

ගෙදර මගේ කාමරේට ආවහම දිව්‍යලෝකේ ගියා වගේ තමා ඉතිං හිතට සැහැල්ලුයි… ටෙඩියෝ දෙන්නත් මං නැතිව පාලුවෙන් ඉඳලා තියෙන්නේ…

අද ප්‍රොජෙක්ට් කලේ නැහැනේ. අද තමයි කාලෙකින් එකම ඇඳුමෙන් දවසම හිටියේ… (දන්නෝ දනිති…  )

හෙටනම් අම්මට කියලා හොඳට කෑම හදාගෙන කනවා… දවස් ගාණක් හරියට කෑමක් නැහැනේ…

ඔයාලට වැදගත් වෙන්නෙ පහත කරුණ…. ඉහත විස්තරය දැම්මේ ඔයාලා ඉතිං අනෙක් අයගේ පෞද්ගලික දේවල් දැනගන්න හරි කැමතියිනේ…

පුණ්‍යභූමි වැඩසටහනේ පළමු අදියර අවසන්. හෙට ඉඳන් 30 වෙනිදා වෙනකන් වෙබ් සයිට් හදනවා…

පුලුවන්නම් මේ සතියෙවත් හැමෝම තමන්ගේ පන්සලට ගිහින් විනාඩි 10ක් වෙන් කරලා පන්සලේ තියෙන අඩුපාඩුවක් අපේ පුණ්‍යභූමි වෙබ් අඩවියේ පළකරන්න. මට මූලිකවම කියන්න ඕන වුනේ මේ කතාව. ඔයාලා ඉතිං මගේ පෞද්ගලික ඡායාරූප දාපුවහමනේ වැඩි හරියක් බලන්නේ. වැදගත් ඒවා බලන්නේ, ලයික් කරන්නේ,ශෙයාර් කරන්නේ, කමෙන්ට් කරන්නේ නැහැනේ. අන්න ඒකයි පෞද්ගලික ඡායාරූප ගොන්නක් මැද්දේ ඔයාලට පණිවිඩයක් දෙන්න හිතුවේ… මේ සතියේ පන්සලට යන්න පුලුවන් අය “පුලුවන්” කියලා කමෙන්ට් එකක් දාන්න…

දවස් කිහිපයකින් හමුවෙමු එහෙනම්…

ප.ලි : පුත්තලම ඉඳන් පැය ගාණක් කාර් එකේ ඉඳලා මහන්සි පාටයි…ඉතිං වෙනදා තරම් ඡායාරූප ලස්සන නැහැ… තෝර තෝර ඉන්න කම්මැලියි. ඔක්කොම දැම්මා.

 

0 Comments