මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ

by | Jun 22, 2014 | Stories | 0 comments

මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ

අපේ දිහාට ෆෝන් එකක් ඉස්සරවෙලාම ගෙනාවේ 2000 විතර, ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට හිතෙන විදිහට අද මම මේ තත්වෙත් ඉන්නේ ෆෝන් එක නිසා…ඒක ඇල්කටෙල් ෆෝන් එකක්…දැන්නම් ගෙදර හැමෝටම තියෙනවා..මටම 5ක් විතර තියෙනවා..
කොහොම හරි අපේ තාත්තටත් එකක් ඕන කියාල ගත්තා, මොකද මම පංති ගියහම ඉන්න තැන් බලාගන්න, එන වෙලාව දැනගන්න. ඒ 2004 විතර…තාත්තා ඒකේ කෝල් ගන්න බට්න් එක, කට් කරන එක ඇරෙන්න වෙන දෙයක් දැනගෙන හිටියේ නෑ…ඉතිං ෆෝන් එක මිලට ගත් දා පටන් තාත්තාගේ ඉල්ලීම වූවේ එහි ඇති වැඩ පිළිබඳව එයාටත් කියලා දෙන්න කියාය. මමත් ඉතිං technology expert පොරක් නිසා , හා මම කියල දෙන්නම්, කියා වැඩේ බාර ගත්තද ටික දවසක් යනවිට එය එපා වූවේ මම කියනා මෙලෝ දෙයක් ඊළඟ දවසේ වන විට තාත්තාගේ මතකයේ රැඳී නොතිබීම නිසා.

ඔය කාලය අතරතුර තාත්තා මගෙන් අසාගත් නොහොඳ නෝක්කාඩු කතා ගණන නම් අසීමිත වූ බව මම දනිමි.

“මොනාද අනේ,කොච්චර කියල දුන්නත් තාත්තට කිසි දෙයක් මතක නෑ නේ…”

“ආයේ නම් කියල දෙන්නේ නෑ හරි ද..මේ අන්තිම පාර..”

“අයියෝ SMS ගහන්න පුරුදු වෙන්නේ කාට SMS යවන්නද අප්පා..??”

“දැන් නම් මේක හරි කරදරයක් වෙනවා…”

මේ ආකාරයෙන් එකී මෙකී නොකී කතා සිය ගණනක් මගේ මුවින් පිටවන්නට ඇත්තේ ය.

මේ සියල්ලටම තාත්තා කිසිම දෙයක් කිව්වේ නැත්තේ ය.ඔහු කල එකම දෙය නම් මා ඇනුම්පදයක් කියන විට හිනැහීම හා ඇතැම් වෙලාවට “අපි ඉතින් ඔයාලා වගේ මේවා ගැන දන්නේ නෑ නේ මයේ පුතේ. ඒකනේ අමතක වෙන්නේ” කියා කිවීම පමණ ය.

2005 මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඉස්කෝලෙට ගියා..ගිහින් ඉස්කෝලෙට ආපු විත්තිය තාත්තට කියලා ෆෝන් එක ඕෆ් කලා. ගියා කියලා කිව්වෙ නැත්තම් හුස්ම හිරවෙයි, ඒ තරමට මං ගැන හොයනවා.. අවුරුදු 2ක් කුරුණෑගල උසස්පෙළ ක්ලාස් එකේ එළියට වෙලා හිටියා උදේ 8 ඉඳන් 5 වෙනකන් මාව ආපහු ගෙදර එක්ක යන්න…
කොහොමහරි උදේ වරුවේ පේපර් එකට ලියලා ඉන්ටර්වල් එකේදී මම ආයෙත් ෆෝන් එක ඔන් කලා.

ටික වෙලාවක් ගිය විට ලැබුණු SMS පණිවිඩයක් දැකීමෙන් පසු මගේ හදවතට දැනුන හැඟීම මේ සටහන ලියන මොහොතේ දී ද ඒ ආකාරයෙන් ම දැනෙන්නේ ය..

උදේ 8.50 ට පමණ (විභාගය පටන් ගන්නේ උදේ 9 ට ය.) තාත්තා විසින් ඒවා තිබුණු එම පණිවිඩයේ සඳහන් වූවේ මෙම වාක්‍ය කිහිපය ය.

“පුතේ හොඳට පේපර් එක කියවලා උත්තර ලියන්න. කලබල වෙන්න එපා. පුතාට ඕක පාස් වෙන්න පුළුවන්. බුදු සරණයි! මොන දේ උනත් පුතාට අපි ආදරෙයි ගොඩාක්, හැමදාමත්… තාත්තා”

මම ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ පෝස්ට් එක දාන්නේ..
තාත්තා අද මං ලග නෑ….
මට එයා නැති අඩුව ගොඩක් දැනෙනවා…
කාටවත් බෑ ඒ අඩුව පුරවන්න…
මං ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ….

මගේ අනිත් පෝස්ට් වගේ කාටවත් මං මේක ලයික් කරන්නවත් ශෙයාර් කරන්නවත් කියන්නේ නෑ… මගේ හදවත ඒක ලෝකෙ පුරාවටම ශෙයාර් කරල ඉවරයි…
ඇස් දෙකෙන් කඳුලූ වැටෙනවා… පපුව පැලෙන්න වගේ… මට සමාවෙන්න තාත්තේ…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments