කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 05)
කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 05)
Jan 19

වැඩසටහනේ විස්තර 

ආරම්භක දිනය සහ වේලාව : 19/01/2020 11:00 am
අවසන් වන දිනය සහ වේලාව : 19/01/2020 1:00 pm
ස්ථානය : වීරකැටිය

හිටපු කතානායක, වර්තමාන මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්රාමීය සංවර්ධන, අභ්යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන සහ ආරක්ෂක රාජ්ය අමාත්ය ගරු චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් වීරකැටිය කපුගම්පොත විහාරයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 05) – වීරකැටිය (හම්බන්තොට දිස්ත්රික්කය)

? Launch of the Kapugampotha Viharaya Website – පුණ්යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන ?

SamajaSathkara.lk පදනමේ අධ්යක්ෂ දේශමාන්ය ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතාගේ සංකල්පයක් මත ශ්රී ලංකාවේ සියලුම විහාරස්ථාන වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කල පුණ්යභූමි වැඩසටහනේ පස්වන වෙබ් අඩවිය අද (ජනවාරි 19) දින වීරකැටිය කපුගම්පොත විහාරස්ථානයේදී සුභ මොහොතින් ගරු අමාත්ය චමල් රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකරන මෙම ව්යාපෘතිය එතුමන් බොහොමත්ම අගය කල අතර තවත් දිස්ත්රික්ක වලට ප්රවර්ධනය සඳහා මග පෙන්වීමද එතුමන් විසින් සිදු කරන ලදි. එමෙන්ම සමාජසත්කාර පදනමේ වසර 14ක සාමාජීය සේවය සහ මාගේ වසර 25ක තාක්ෂණික ලෝකයත් සමඟ ගතකල ජීවිතය සහ එහි සන්ධිස්ථාන පිළිබඳවද එතුමන් සමඟ සාකච්ඡා කරන ලදි.

අමාත්යතුමනි, ඔබගේ අයහපත් සෞඛ්ය තත්වයේ මැද පැය 4ක් පුරාවට මෙම වැඩසටහන වෙනුවෙන් පමණක් අද කාලය වෙන් කිරීම පිළිබඳව අප සමාජසත්කාර කණ්ඩායම වෙනුවෙන් ගෞරවය පුර්වක ස්තූතිය පුද කර සිටින්නෙමු.

මේජර් නෙවිල් වන්නිආරච්චි (ජේෂ්ඨ ආරක්ෂක නිළධාරි – අග්රාමාත්ය) මහතාගේ ඉල්ලිම මත මෙම වෙබ් අඩවිය නිර්මාණය කර දෙන ලදි.

වෙබ් අඩවි 200කට ආසන්න ප්රමාණයක් ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිතය. මීට පෙර වෙබ් අඩවි සියල්ල අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.

5th website of the project “Punyabhoomi.lk” was launched today by the Hon. Minister Chamal Rajapaksa (Mahaweli, Agriculture, Irrigation and Rural Development, Minister of Internal Trade, Food Security, Consumer Welfare and State Minister of Defence [Sri Lanka Freedom Party (SLFP) – UPFA, from the Hambantota district]) at the Kapugampotha temple in Weerakatiya. This project created over 200+ websites free of charge for Sri lankan temples which will be released to internet in the coming weeks.

Project Punyabhoomi.lk is the final result of a concept by Deshamanya Danesh Edirisooriya, Director and the Founder of SamajaSathkara.lk Foundation.

කපුගම්පොත විහාරස්ථානයේ වෙබ් අඩවිය : https://kapugampothaviharaya.org.lk/

ඔබේ පන්සලටත් නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න – 0701 10 10 10

පුණ්‍යභූමි වැඩසටහන : https://punyabhoomi.lk/

පුණ්‍යභූමි වැඩසටහන සම්බන්ධිකරණය : Prasadi Udayangi (සමාජසත්කාර හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකාරක සහ පුණ්‍යභූමි වැඩසටහනේ උපදේශක)

විශේෂ ස්තුතිය :
Nilanthi Edirisooriya (සමාජසත්කාර පදනමේ උප සභාපතිනිය)

විශේෂ ස්තුතිය : මාස 4ක සිට වැඩසටහනට නන් අයුරින් සහය දැක්වූ ෆේස්බුක් මිතුරන් සැමට…

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk